Jack The Giant Slayer 2013 Bluray
Quality: Bluray Rip BRRip BDRip 720p
Format: MKV Size: 900 MB
Rating:6.6/10 from 16,586 users
Country: USA
Language: English
Starring: Nicholas Hoult, Ewan McGregor, Stanley TucciThe ancient war between humans and a race of giants is reignited when Jack, a young farmhand fighting for a kingdom and the love of a princess, opens a gateway between the two worlds.
ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසක් සමඟ ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම. මේ තමයි මගේ 24 වන චිත්‍රපට උපසිරැස. පසුගිය මාර්තු පළවෙනිදා තිරගත කිරීම් ආරම්භ කල මේ Adventure සහ Fantasy ගණයට අයත් වන මේ සලරුව ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 6.6 ප්‍රමාණයක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය Bryan Singer අධ්‍යක්ෂකවරයාගේ. මෙහි ඉන්න නළු නිලියෝ ගැන කියනවා නම් ලඟදි මුණ ගැහුණු මුහුණකුත් තියෙනවා ඒ තමයි Warm Bodies (2013) චිත්‍රපටයේ රඟපෑ නළුවා. ඔහු තමයි Nicholas Hoult.
එහෙනම් මම කියන්නම් මොකද්ද මේ කතාව කියලා. අහල තියෙනවා නේද ජැක් සහ මායා බෝංචි වැල සුරංගනා කතාව. මේ කතාවේ පදනම වෙන්නේ ඒ අපි පොඩි කාලේ අහපු කතාවයි. මෙන්න මෙහෙමයි කතාව ක්ලොයිස්ටර් කියලා රාජධානියක් තියෙනවා. එහි කලින් ඉඳල තියෙනවා රජ කෙනෙක් එයා නමින් එරික් පුරාවෘත්තයක් තියෙනවා එයා කලින් අහසින් ආපු යෝධයන් මර්ධනය කල රජෙක් කියලා. ඒ වගේම ඔහු ළඟ සුවිශේෂී ඔටුන්නක් තියනවා මන්ත්‍ර බල සහ යෝධයෙකුගේ හදවතක් එකතු කරලා හදපු. ඒකෙන් පුළුවන් මේ ගල් හදවතක් ඇති ඒ වගේම මිනිසුන් අනුභව කරන යෝධයන්ව පාලනය කරන්න. ඒක ඉතින් පුරාවෘත්තයක්. දැන් මේ රාජ්‍ය පාලනය කරන්නේ වෙන රජෙක් ඔහුට ඉන්නවා දූ කුමරියක් ඉසබෙල් කියලා එයා වීරක්‍රියා කරන්න කැමති. එයාගේ මුතුන් මිත්තෙක් තමයි ඇර කලින් කියපු එරික් රජතුමා. එයා මිහිදන් කරනකොටම ඔහුගේ බලවත් ඔටුන්න සහ තවත් බලගතු දෙයක් මිහිදන් කර තිබෙනවා. එය පසු කාලීනව කෙනෙක් විසින් හොරකම් කරගෙන සඟවාගෙන ඉන්නවා වෙන බලාපොරොත්තුවක් සහිතව. ඒ පුද්ගලයා තමයි මේ කුමරියව විවාහ කරගන්න ඉන්නේ. ඉතින් දවසක් මේ සඟවාගෙන ඉන්න දේවල් වලින් එක දෙයක් මේ රාජ්‍යයේ ඉන්න පූජකයෙක් සොරකම් කරනවා. එත් ඔහුට මේ නගරයෙන් පිට වෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු කරන්නේ මේ බලගතු දෙය නගරයට අශ්වයෙක් විකුණන්න පැමිණි ජැක් කියන තරුණයට දීලා ඔහුගේ අශ්වයාව රැගෙන පැනලා යන එක. නමුත් මේ ජැක් දන්නේ නැහැ ඔහුට දුන්නු දේ මොකද්ද ඒවගෙන් කල හැකි දේ ගැන. පසුව මේ කුමරියත් රජවාසලෙන් පිටවෙනවා තම රට ගැන දැනගන්න සහ එතකොට වීර ක්‍රියාවන් ලුහුබඳිමින්. එදින ඇති වන දැඩි වර්ෂාව නිසා පැමිණෙන්නේ මේ ජැක් ගේ නිවසට. එහෙත් එදින රාත්‍රියේ සිද්ධ වෙන්නේ නොසිතු දෙයක් ජැක් අතට ලැබුන බලවත් දේ ඔහුගේ නොදැනුවත් කම නිසා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ දේට මේ කුමරියත් හසු වෙනවා.
එහෙනම් මේ ඔක්කොම දේවල් විසඳගන්න ඔයාලට භාර දෙනවා මේ සලරුව. බලන්න එහෙනම් මොකද්ද මේ බලගතු දේ කියලා. ඒ වගේන එදා සිද්ධ උන අරුම පුදුම දේ මොකද්ද කියලත්. ඊයේ උදේ තමයි විකියාගෙන් ආරංචිය ලැබුනේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් හැකි ඉක්මණට ඉවර කරලා ඔබ අතට පත් කලා

No comments:
Post a Comment