A Good Day to Die Hard (2013)

Movie Format: MKV
Movie Size: 5.46gb
Information about this movie:
John McClane travels to Russia to help out his seemingly wayward son, Jack, only to discover that Jack is a CIA operative working to prevent a nuclear-weapons heist, causing the father and son to team up against underworld forces.
Movie Size: 5.46gb
Information about this movie:
John McClane travels to Russia to help out his seemingly wayward son, Jack, only to discover that Jack is a CIA operative working to prevent a nuclear-weapons heist, causing the father and son to team up against underworld forces.
Die Hard චිත්‍රපටි මාලාවේ අළුත්ම චිත්‍රපටිය තමයි අද ඔයාලට සිංහල උපසිරැසිත් එක්කම දෙන්නේ. මෙහි ප්‍රධාන චරිතය වන ජෝන් ගෙ චරිතය රඟපාන්නේ Die Hard (1988) චිත්‍රපටියේ හිටිය සුපිරි නළු Bruce Willis. ඔහු කවුද කියලා අපේ යාළුවන්ට අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැහැනේ. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ මේ චිත්‍රපටිය තියෙන්නේ 43 වන තැනයි. ඇමරිකානු ඩොලර් 92,000,000.00 ක වියදමක් දරලා හදපු මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය ඇරඹුන මුල් සතියේ විතරක් ඇමරිකානු ඩොලර් 24,834,845 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියලා තියෙනවා. ක්‍රියාදාම ගණයට අයිති වන මේ චිත්‍රපටි මාලාවේ තවත් චිත්‍රපටියක් 2015දී එන්න තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා.
කතාවේ මුල ටික කෙටියෙන් මෙහෙමයි. ජොන් ගෙ පුතා අවුරුදු තුනක් තිස්සේ රුසියාවේ ඉන්නේ. ඒත් ඔහු ගැන කිසිම ආරංචියක් නැහැ. ඒත් ජෝන්ට එක දවසක් එක පාරටම ඔහුගෙ පුතා ගැන නරක ආරංචියක් ලැබෙනවා. ඒ රුසියාවෙදි පුද්ගලයෙක්ව ඝාතනය කිරීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගත්තා කියලා. ඉතින් ජෝන් යනවා ඔහුගෙ පුතාව බේරගෙන ආපහු ඇමරිකාවට අරගෙන එන්න කියලා. ඒත් රුසියාවට ගිහින් බලනකොට එතන වෙලා තියෙන්නේ අමුතුම විදිහේ අවුලක්.
ඒ අතරේ රුසියාවේ තවත් සිද්ධියක් සිදු වෙමින් පවතිනවා. යූරි කොමරොව් නැමති කෝටිපතියා අවුරුදු 5ක් තිස්සේ හිරේ දඬුවම් විඳින කෙනෙක්. ඔහු ගාව රුසියානු ආරක්ෂක අමාත්‍ය අපේක්ෂකයෙක් වන චැගරින් නැමැත්තාට විරුද්ධව ලිපි ගොණුවක් තියෙනවා. මේ චැගරින් කොහොම හරි යූරිගෙන් අර ලිපි ගොනුව ගන්න උත්සාහ කරනවා.
ඉතින් යාළුවනේ, කොහොමද ජෝන් ගෙ පුතා මිණී මැරුමකට පැටලෙන්නේ? ඇයි යූරි සිරදඬුවම් විඳින්නේ? චැගරින්ට විරුද්ධව තියෙන ලිපිගොනුව යූරි කොහෙද හංගලා තියෙන්නේ? ඒ ලිපිගොනුව චැගරින්ට ලබා ගන්න පුළුවන් වේවිද? මොනවද ඒ ලිපිගොනුවේ තියෙන්නේ? ඒ වගේම ජෝන්ට තමන්ගෙ පුතාව බේරගන්න පුළුවන් වේවිද? ඒ වෙනුවෙන් ඔහුට මොන වගේ ක්‍රියාදාම සිදු කරන්න වේවිද? යූරි, චැගරින්, ජෝන් සහ ඔහුගෙ පුතා එකිනෙකාට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න
No comments:
Post a Comment